불규칙
අක්‍රමවත් විධිය
ㅅ 불 규칙
ඕනෑම
ක්‍රියාපදයක 다 ඉවත්
කල විට ඉතිරි වන ක්‍රියා මූල කොටසේ අවසාන අකුරㅅ අකුරකින් අවසන් වේ නම් ස්වර අකුරක් පවතින කොටසක් සමග එක් වීමේදීㅅ කොටස ඉවත් වීම සිදුවේ.
짓+어요 짓+어요 (X) වැරදි
ක්‍රියාපදයේ
다 ඉවත්කල විට අවසාන අකුරේ ㅅ අකුරක් පවතීනම්ㅅඉවත්
වීමෙන් පසුව ස්වර අකුර සහිත කොටස එකතු වේ.
එනම්
නිවැරදි වන්නේ පහත පරිදි වේ.
짓+어요 지어요(නිවැරදි)
මෙම අක්‍රමවත් විදිය භාවිත කිරීමට ස අකුර
තනිව පැවතිය යුතුයි.ඩබල් අකුරු නොවී.
මෙලෙස අප ඉගෙනගත් ස අක්ෂරයට අදාල 불규칙 ඇතැම් ක්‍රියාපද වලට බල
නොපාන බව මතක තාබ ගන්න.පහත බලන්න.
웃 웃어요
벗다 벗어요
씻다 씻어요
ㄷ 불규칙
ක්‍රියාපදය
다 ඉවත් කල විට ඉතිරි වන ක්‍රියාමූල කොටසේ අවසාන අකුරේㄷ පවතී නම්ㄷ අකුරㄹ අකුර බවට පත්වේ.මෙය සිදුවන්නේ ස්වර අකුරක් පවතින කොටසක් සමග එක්
වීමේදීය.තවද මෙය සිදුවන්නේ ක්‍රියාපද සමග පමණක් ය.
걷다
걷 + 어요 = 걸어요
걷 + 어요 = 걸어요
තවද
මෙහිදී ඔබට තවත් කරුණක් පැවසිය යුතුයි කියා මට සිතෙනවා.නමුත් මෙය පටලවා ගැනීමක්
කරන්න එපා.
걷다ඇවිදිනවා.
සමග
එක්වීමේදි එය걸어요 බවට පත්වු ආකාරය අපි ඉහතදී ඉගෙන
ගත්තෙමු.නමුත් 걷다 යන වචනය පැටලෙනවා යන අර්ඨයද සහිතව
පවතී එවිට එය 어요සමග එක් වීමේදී 걷어요 බවට පත්වේ.
걸다 වල තේරුම එල්ලෙනවා යන්නයි.එය 어요 සමග එක් වීමේදී 걸어요 බවට පත්වේ.
තවද
පහත ක්‍රියාපද මෙම අක්‍රමවත් ක්‍රියාවලියට බලපාන්නේ නැත.
받다= 받아요ලැබෙනවා
묻다 = 묻어요අහනවා/සගවනවා
닫다 = 닫아요 වහනවා
ㅂ 불규칙
වචනයක්
අවසානයේ පවතින 다 ඉවත් කල විට ඉතිරිවන මූල කොටසේ අවසාන අකුරㅂඅකුරක්
නම් එමㅂ අකුර ස්වර අකුරක් සහිත කොටසක් සමග එකතු වීමේදී우 බවට
පත්වේ.මෙය බොහෝ දුරට සිදුවන්නේ විශේෂණ පද සමගයි.ක්‍රියා පද සමග එක්වන අවස්ඨා
ඉතාමත්ම විරලය.
쉽다 = ලේසියි
쉽 + 어요 = 쉬
+ 우 + 어요 = 쉬워요
어렵다 = අමාරුයි
어렵 + 어요 = 어려
+ 우 + 어요 = 어려워요
귀엽다 = ලස්සනයි/හැඩයි
귀엽 + 어요 = 귀여
+ 우 + 어요 = 귀여워요
아름답다 = ලස්සනයි(සාමන්‍ය නොවන ආකාරයකි)
아름답 + 어요 = 아름다 + 우 + 어요 = 아름다워요
새롭다 = අලුත්
새롭 + 어요 = 새로 + 우 + 어요 = 새로워요
ㅡ 불규칙
වචනයක අවසානයේ ඇති 다 ඉවත් කල විට අවසාන අකුරේㅡ පවතින විටㅡ පවතින අකුරට පෙර පවතින අකුරේ ශබ්ධය හදුනා ගන්න. ㅏහෝㅗ ශබ්ධයක් නම්아ද , ㅏහෝㅗ නොපවතින විට어ද එකතුකල යුතුය.මෙහිදී ස්වර කුරක් පවතින කොටසක් සමග ㅡ එකතුවන අවස්ඨාවේ ㅡ ඉවත්වීම සිදුවේ.පහත
උදාහරණ බලන්න.
잠그다 = ලොක් කරනවා
잠그 + 아요
잠그 + 아요 = 잠가요
바쁘다 = කාර්‍ය බහුල
바쁘 + 아요
바쁘 + 아 = 바빠요
예쁘다 = ලස්සනයි
예쁘 + 어요
예쁘 + 어요 = 예뻐요
슬프다 = දුකයි
슬프 + 어요 = 슬퍼요
සමහර මූල වල
එක් අකුරක් පමණක් පවතී.එවැනි අවස්ඨාවලදී ~어 එකතු කරන්න.උදාහාරණය බලන්න.
크다 = ලොකු
크 + 크 + 어
= 커
르 불규칙
වචනයක මූල කොටසක අවසාන අකුර르 වන අවස්ඨවේදී ස්වර අකුරක් සහිත කොටසක්
එක්වන විට තවත්르 එකක් එකතුවීම
සිදුවේ.උදාහාරණ බලන්න.
다르다 = වෙනස්
다르 + 아요 = 다
+ ㄹ + 라요 = 달라요
빠르다 = ඉක්මනින්
빠르 + 아요 = 빠
+ ㄹ + 라요 = 빨라요
부르다 = කියනවා/ගයනවා
부르 + 었어요
= 부 + ㄹ + 렀어요 = 불렀어요

No comments:
Post a Comment