ආයුබෝවන් හැම දෙනෙක්ටම.අන්‍යොන් හසේයෝ (안녕하세요)
කොරියානු භාෂාව මුල සිට උගනිමු
වසර ගණනකට පෙර
කොරියානු ජනතාවට ආලොකයක් වෙමින් හංගුල් අක්ෂර හෝඩිය නිර්මාණය කල ගෞරවනීය ගුරුතුමන් වූ සේජොං
රජතුමන් වෙත කෙරෙන ගෞරවාන්විත පුද කිරීමකි.
수년 전 우리 민족을 계몽한 한글을 창제하신 존경하는 세종대왕에게 바치는 헌사입니다.
ක්‍රිව 1443 දී සේජොන්ග් රජතුමාගේ ප්‍රධානත්වයෙන් කොරියානු භාෂාවේ අක්ෂර නිර්මාණය වීම සිදු විනි.කොරියාවේ අසල්වැසි රාජ්‍ය චීන වූ නිසාවෙන් මුල් කාලයේ කොරියානුවන් චීන අක්ෂර භාවිතා කළේය.නමුත් එසේ භාවිතා කල හැකිවූයේ දැනුමෙන් උසස් අය ඇතුලු සීමිත ජනතාවකට පමණි.මේ නිසා සෑම කොරියානුවෙකුටම ලිවීමට හැකි පහසු අක්ෂර මාලාවක් තැනීමට සේජොන්ග් රජතුමාට අවශ්‍ය විය.අද අපි භාවිතා කරන කොරියානු අක්ෂර එතුමාගේ මූලිකත්වෙයෙන් නිර්මාණය වූ අක්ෂරයි.කොරියානු භාෂාව මුල සිට ඉගෙන ගන්නා අපි එතුමාට භක්තිවන්තව ගරුකල යුතුය.කොරියානු බසට ආදරය කරන ඔබට එතුමා ගැන ආදරයක් නිසැකවම ඇතිවනවා නොඅනුමානයි.
ඊලග පාඩමේ සිට අපි කොරියානු හෝඩිය ඉගෙන ගනිමු.

No comments:
Post a Comment