හෝඩිය
අද අප විසින් භාවිත කරන කොරියානු භාෂාව
එදා භාවිත කල භාෂාව සහ අක්ෂර වලින් පරිණාමයට ලක්වූ භාෂාවකි. වර්තමානයේ අප භාවිත කරන්නෙ එසේ පරිණාමනය වූ එම
භාෂාව සහ අක්ෂරයි.
කොරියානු හෝඩියේ සම්පූර්ණ අකුරු ගණන 40 කි.
මේ අකුරු 40 ස්වර සහ ව්‍යංජන ලෙස කොටස් දෙකකි.
ස්වර අක්ෂර සියල්ලම 21 කි
අනෙක් අක්ෂර 19 ව්‍යංජන අක්ෂරයි.
කොරියානු හෝඩියේ අන්තර්ගතය
아 , 야
,어 ,여
,오 ,요 , 우 , 유
,으 ,이 -මූලික ස්වර
මූලික ව්‍යංජන
ㄱ(k)
ㄴ(n)
ㄷ(t)
ㄹ(r)
ㅁ(m)
ㅂ(p)
ㅅ(s)
ㅇ(ng)
ㅈ(j)
ㅊ(ch
ㅋ(K~)
ㅌ(T~)
ㅍ(P~)
ㅎ(H~)
애,얘,에,예,우ㅏ,왜,위,워,웨,위,의 - සංයුක්ත ස්වර
ㄲ
ㄸ ㅃ
ㅆ ㅉ - සංයුක්ත ව්‍යංජන
කොරියානු හෝඩිය යනු අප ඉහතින් දැක්වූ සියල්ලේ එකතුවයි.
එය බැලූ බැල්මට ඔබට කොරියානු හෝඩිය
ඉගෙනීම අපහසුයි යැයි හැගීමක් ගෙන එනු ඇත.නමුත් සවිස්තරාත්මකව වෙන වෙනම ඉගෙනගත් විට සහ
අපි අද්‍යනය කරන ආකාරය අනුව කොරියානු හෝඩිය කොතරම් පහසුද යන්න ඔබට වැටහේවී.
කොරියානු හෝඩිය ස්වර සහ ව්‍යංජන වලින්
එක්ව සෑදුනු අකුරු වලින් සමන්විතයි.
මුලින්ම ස්වර අකුරු පිළබදව සලකා බලමු.
ස්වර අකුරු
ස්වර අකුරු වර්ග දෙකක් පවතින බව ඉහතදී
අප ඉගෙනගත්තෙමු.ඒ මූලික ස්වර සහ සංයුක්ත ස්වර
වශයෙනුයි.මූලික ස්වර සලකා බලමු.
මූලික ස්වර
아 , 야
,어 ,여
,오 ,요 , 우 , 유
,으 ,이
(මූලික ස්වර අකුරු)
මූලික ස්වර සෑදී ඇත්තේ මූලික ස්වර ශබ්ධ
වලට බිංදුව ලෙස අප මෙහිඩී පහසුවට හදුන්වන කොටස එක්වීමෙනි.ඉහත ස්වර අකුරු පරීක්ෂාකිරීමේදී බිංදුවක් පවතිනවා
ඔබට දැක් ගත් හැකිය.එම බිංදුව කොටස ඉවත් කල විට පවතින්නේ
ස්වර ශබ්දයි.ස්වර ශබ්ද වලින් ස්වර සෑදුන ආකාරය දැන්
බලමු.
මූලික ස්වර ශබ්ධ
ㅏ ㅑ ㅓ ㅕ ㅗ ㅛ ㅜ ㅠ
ㅡ ㅣ
aa yaa o
yo o~ yo~ u yu a
e
දැන් මේ ශබ්ධ කොටස් ශබ්ධ කිරීමට පුහුණූ විය යුතුයි.මූලික ස්වර ශබ්ධ වලට ං කොටසක් එකතු වී පහත
පරිදි මූලික ස්වර ශබ්ධ ඇතිවී තිබේ.
මූලික ස්වර අකුරු
아 - ආ야
- යා어
- ඔ여
- යො오
- ඕ요 - යෝ우 - උ유
- යු으
-
අ이 - ඉ
මූලික ස්වර ශබ්ධ මෙන්ම අකුරු අපි ඉගෙනගත්තෙමු.ඊලගට අපි මුලික ව්‍යංජන සහ ඒවා ශබ්ධ කරන ආකාරය
සලකා බලමු.මුලික ස්වර සහ මූලික ව්‍යංජන ඉගෙනීමෙන්
පසුව කොරියානු හෝඩියෙන් අකුරු භාගයක් අපි ඉතා සාර්ඨක ඉගෙනගෙන අවසන් කරමු.
ㄱ(k) ㄴ(n) ㄷ(t) ㄹ(r) ㅁ(m) ㅂ(p) ㅅ(s) ㅇ(ng) ㅈ(j) ㅊ(ch)
ㅋ(K~) ㅌ(T~) ㅍ(P~) ㅎ(H~) |
No comments:
Post a Comment